ඖෂධ හිඟය සහ පාස්පෝට් හිඟයට වගකිවයුතු නිලධාරීන් නීතිය හමුවට පමුණුවන්න….

NMRA දත්ත වංචාව හා පාස්පෝට් ටෙන්ඩරය ගැන යළි විමර්ශන අරඹන්න

වෛද්‍ය චමල් සංජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට ලේඛන භාරදෙයි.

@@@@@@@@@@@@@

වසර ගණනාවක් ගත වී ඇතත් මේ දක්වා නිසි පරිදි ම විමර්ශන සම්පූර්ණ කිරීමට අසමත්ව ඇති ඖෂධ නියාමන අධිකාරි දත්ත වංචාව සහ ිත සම්බන්ධ අනුබදෙත සමාගමක් මගින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංකය පාලනය කිරීමත් යලි රට තුළ නිර්මාණය වෙමින් පවතින
පාස්පෝට් හිඟයට මූලික වූ පාස්පෝට් ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් කොට එමගින් රජයට සිදුවී ඇති අලාභයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වෘත්තීය ව්‍යාපාර හා සිවිල් සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු
විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන ලදී.

මේ දක්වා රටේ ක්‍රියාත්මක වූ පැරැණි පාස්පෝර්ට් ක්‍රමය වෙනුවට විද්‍යුත් පාස්පෝට් ක්‍රමයක් හඳුන්වා දෙන ලද නමුත් හිදී ටෙන්ඩරේ සඳහා ඉදිරිපත් වූ සමාගම් අතර වූ ගැටලුවක් මත මේ දක්වා විද්‍යුත් පාස්පෝට් නිකුත් කිරීම ප්‍රමාද වී ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අභියාචනා කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවද නිර්දේශ ලබා දී ඇති අතර දැනට මේ සම්බන්ධව අධිකරණමය කටයුත්තක්ද ආරම්භ වී ඇත.

පාස්පෝට් නිකුත් කිරීමේ කාර්යය ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වුවත් ීට පෙර පාස්පෝට් ලබා දෙන ලද සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මෘදුකාංගය ක්‍රියාත්මක කිරීම භාරව කටයුතු කිරීම නිසා මේ වන විට නව පාස්පෝර්ට් නිකුත් කිරීමේ දී ද පරණ සමාගමට රුපියල් හාරසියයකට ආසන්න ගාස්තුවක් ගෙවීමට සිදුවීම සම්බන්ධයෙන්ද පසුගියදා න් මහජන ආරක්ෂාව භාර නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා වෙත සිවිල් සංවිධාන පැමිණිල්ලක් බාර දුන්නේය.

නව විද්‍යුත් පාස්පෝට් ලක්ෂ පනහක් මුද්‍රණය කිරීමට ටෙන්ඩරය ප්‍රධානිය කොට ඇතත් එම ටෙන්ඩරය සමඟ විද්‍යුත් මෘදුකාංගය සම්බන්ධ කොන්දේසය ඇතුළත් නොවීම නිසා මේ වන විට ආගමන විගමන දෙපාර්තමේන්තුව බරපතළ ගැටලුවකට මුහුණ දී ඇත.

මෙම සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා මෙම ගනුදෙනුවලට සම්බන්ධ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස තම පැමිණිලි මගින් වෛද්‍ය චමල් සංජීව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසමේන් ඉල්ලා ඇත.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයත් පොලිස් මූලස්ථානය ඇතුළු නීති අංශ රැසක් මෙම පාස්පෝට් ගණුදෙනුව සම්බන්ධයෙන් ඉදිරි කාලයේදී දැනුවත් කිරීමට අදහස් කරන බව වෘත්තිය හා සිවිල් සංවිධාන පෙරමුණ සඳහන් කරයි

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *