ඖෂධයක අනපේක්ෂිත ප්‍රතික්‍රියාවක් හේතුවෙන්, රෝගීන් 14 දෙනෙකු අනුරාධපුර රෝහල වෙත

මිහින්තලේ රෝහලේදී ප්‍රතිකාරය සඳහා ලබාදුන් ඖෂධ දෙකක් හේතුවෙන් රෝගීන්ගේ ඇතිවුණු අනපේක්ෂිත ප්‍රතික්‍රියාවන් කිහිපයක් හේතුවෙන් අනුරාධපුර රෝහල වෙත විශේෂ ප්‍රතිකාර සඳහා යොමු කර ඇත. වාර්තා වන අන්දමට පෙඩ්‍රිසිලෝන් සහ ඩොම්පෙරඩොන් යන ඖෂධ ලබාගත් රෝගීන් 14 දෙනකු පමණ මෙම අනපේක්ෂිත ප්‍රතික්‍රියාවන්ට ලක්ව ඇතත්, ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

තත්වය බරපතළ නොවූවද බරපතල තත්ත්වයක් ඇතිවීමට පෙර, එම ගැටලුවට හේතුව විමර්ශනය කළ යුතු අතර මෙම ඖෂධයේ සැපයුම්කරු රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව බවද පැවසේ.

කෙසේ නමුත්, මෙම ප්‍රතික්‍රියාවන්ට ලක්ව ඇත්තේ එකම රෝහලක ප්‍රතිකාර ගත් රෝගීන් නිසා බැවින්, එය ඖෂධයේ ගැටලුවකට වඩා රෝහලෙහි හෝ ප්‍රතිකාර ක්‍රමයෙහි ගැටළුවක් වීමට බොහෝ විට ඉඩ ඇත. කෙසේ නමුත් අද දවස තුළ වෙනත් රෝහල් හරහා මෙවැනි තත්ත්වයක් වාර්තා වුවහොත් එය ඖෂධය ගැටලුවක් බවට පත්වීමට ඇති තවම පහව ගොස් නැත.

ගැටලුව කුමක් වුවද, එමගින් භාරක තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා කඩිනමින් විමර්ශන සිදු කළ යුතු අතරම, එහි සැබෑ තත්ත්වයන් පිළිබඳව මහජනතාව කඩිනමින් දැනුවත් කිරීමද සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් බැවින්, ඊට අදාලව කටයුතු කරන ලෙස අප සෞඛ්‍ය ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිමු.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *