කටාන සහ දොම්පේදී පිහි ඇනුම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු මියයයි

පසුගිය සිකුරාදා රාත්‍රියේ කටාන සහ දොම්පේ ප්‍රදේශවල සිදුවූ වෙන් වෙන් පිහි ඇනුම් සිද්ධීන් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. කටාන පොලිස් වසමේ මහාහුණුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු සමඟ ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී 42 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති අතර, දෙවන සිද්ධිය වාර්තා වන්නේ කේරගල පොලිස් වසමට අයත් මහපෙළහැල ප්‍රදේශයෙනි. එහිදී පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් 35 හැවිරිදි දොම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු පිහි ඇනුමකට ලක්ව මියගොස් තිබේ. දොම්පේ සිද්ධියෙන් මියගිය පුද්ගලයාගේ මෘත දේහය මේ වන විට ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, ඝාතනවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,049

Leave A Reply

Your email address will not be published. Required fields are marked *