කටුනායකදී කූෂ් සහ හෂීස් සමඟ සැකකරුවන් දෙදෙනෙකු දැලට: රුපියල් කෝටි ගණනක මත්ද්‍රව්‍ය පොලිස් භාරයට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා මෙරටට ගෙන එන ලද විශාල කූෂ් (Kush) සහ හෂීස් (Hashish) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ. බුද්ධි තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් ජනවාරි 25 වනදා අලුයම ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී මෙම වැටලීම සිදු කර ඇත. එහිදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී කූෂ් කිලෝග්‍රෑම් 4 යි ග්‍රෑම් 162 ක් සහ හෂීස් කිලෝග්‍රෑම් 1 යි ග්‍රෑම් 912 ක් සොයාගත් අතර, අනෙක් සැකකරු සන්තකයේ තිබී කූෂ් කිලෝග්‍රෑම් 6 යි ග්‍රෑම් 230 ක් පොලිස් භාරයට ගෙන තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම 30 හැවිරිදි වියේ පසුවන කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. ගුවන් මගින් මෙරටට රැගෙන ආ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකය මගින් මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 986

Leave A Reply

Your email address will not be published. Required fields are marked *