කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටව යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු රුපියල් මිලියන 133.94කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග අද (25) අලුයම ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අද අලුයම 4.00ට පමණ ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි මොවුන්ගේ ගමන් මලු පහක් පරීක්ෂා කිරීමේදී එහි සඟවා තිබූ කිලෝග්‍රෑම් 10.394ක ‘කුෂ්’ (Kush) සහ කිලෝග්‍රෑම් 1.912ක ‘හෂීස්’ (Hashish) සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි ව්‍යාපාරිකයෙකු සහ මේසන්වරයෙකු මෙන්ම ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් සහ මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත.


























