කඩුගන්නාවේ නාය යාම: එක් අයෙක් මරුට; පස් දෙනෙකු තවදුරටත් සිරවෙයි

​අද (22) පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වූ නාය යාමකින් එක් අයෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනෙකු බේරාගෙන රෝහල් ගත කර තිබේ. මෙම නාය යාම හේතුවෙන් ගනේතැන්න හන්දිය ආසන්නයේ ඇති වෙළෙඳසැලක් තුළ පුද්ගලයන් කිහිප දෙනෙකු සිරවී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) සඳහන් කළේය. එම මධ්‍යස්ථානයට අනුව තවත් පස් දෙනෙකු නාය යාමෙන් සිරවී සිටින අතර ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වේ.

What's your reaction?

Related Posts

1 of 977

Leave A Reply

Your email address will not be published. Required fields are marked *