කයිවාරුව විතරයි.පොහොර සහනාධාරයවත්, පොරොන්දු වූ 33% විදුලි බිල අඩුවීමවත් රජයට දෙන්න බැරි වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ගොවිතැනේ නියැළෙන ජනතාවට රු. 25000 පොහොර සහනාධාරය තවමත් හරිහැටි ලැබී නැති බවත් පසුගිය පාර්ලිමේන්තුවේත් මේ ගැන තමා ප්‍රශ්න කළ බවත් තවමත් මේ සදහා වෙන් කර ඇති මුදල් ප්‍රමාණයෙන් 40%ක් පමණක් භාවිත කර ඇති බවත් අංගසම්පුර්ණ රු.25000 පොහොර සහනාධාරය හරිහැටි ගොවියාට නොලැබී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගල්ගමුව සතිපොළ භූමියේ සහ ගිරිබාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකදීය.

මේ වන විට ගොයම් පූදින කාලය බැවින් පොහොර සහනාධාර කඩිනමින් දිය යුතු වුවත් එදා සුන්දර වචන භාවිත කරමින් කියු දේවල් අද කරන්න නොහැකි වී ඇති බවත් වත්මන් රජයේ කතාව සහ ක්‍රියාව අතර බරපතල පරතරයක් හා පරස්පරතා ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

විදුලි බිලේ සහනයවත් හරිහැටි ජනතාවට ලැබී නැහැ

විදුලි බිල 33%කින් අඩු කරනවා කියා මැතිවරණනයට පෙර කිව්වත් පසුගිය දා විදුලි බල ඇමතිවරයා විසින් විදුලි බිල 37%කින් වැඩි කරන්න යෝජනා වී ඇති බව පවසද්දි මාස 6කට විදුලි බිල අඩු කරන්න බැ කියා විදුලි බල මණ්ඩලය කියද්දි මහජන උපයෝගීතා කොමිසම ජනතා අදහස් යෝජනා ගෙන විදුලි බිල 20%කින් අඩු කරන්න යෝජනා කර ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ මෙසේ විදුලි බිල අඩු කිරීමට මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බවට රජය පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මැතිවරණයේ දී එක් කතාවක් සහ දැන් තවත් කතාවක් කියමින් ජනතාවගේ ප්‍රබලතම ඉල්ලීම පවා නොසලකා හරින තත්ත්වයට වත්මන් රජය පත්ව ඇති බවත් විදුලි බිල අඩුකිරීම ගැන රජයට පැහැදිලි වැඩපිළිවෙළක් නොමැති බවත් ජනතාව⁣ගේ සුබසිද්ධිය උදෙසා රාජ්‍ය පාලනය කරන හැටිවත් වත්මන් රජය නොදන්නා බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එසේම ආණ්ඩුව ඇතුලේ කණ්ඩායම් කකුලෙන් අදිමින් වැඩ බැරි කම පෙන්වද්දි අසහනයට පීඩනයට පත් වන්නේ රටේ ජනතාව බවත් මහජන උපයෝගීතා කොමිසම නිර්දේශ ලබා දෙද්දි ඒ සුබ පණිවිඩය ජනතාවට දෙන එක රජයේ වගකීම වුවත් එය හරියට කරන්න නොහැකි වී ඇති බැවින් රජය 33% විදුලි බිලේ අඩු කිරීම කරන තුරු ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටනක නියැලෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 446

Leave A Reply

Your email address will not be published. Required fields are marked *