කල් ඉකුත් වූ ඖෂධ ජාවාරම ගැන CID පරීක්ෂණ ඇරඹෙයි

මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ දීර්ඝ කාලයක සිට පවතින ඖෂධ ගැටලුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. සිවිල් සංවිධාන එකමුතුවක් විසින් සිදුකරන ලද මෙම පැමිණිල්ල මගින් විශේෂයෙන්ම කල් ඉකුත් වූ ඖෂධ බෙදාහැරීම සහ ඒ ආශ්‍රිතව සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව පූර්ණ විමර්ශනයක් ඉල්ලා ඇත.​පසුගිය රජය සමයේ සිටම ක්‍රියාත්මක වූ මෙම ඖෂධ ජාවාරම වර්තමානය දක්වාම විවිධ මුහුණුවරින් සිදුවන බව සිවිල් ක්‍රියාකාරීන් පෙන්වා දෙයි. මෙම තත්ත්වය මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක් වී ඇති අතර, නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල් පද්ධතියට ලැබීම පිටුපස ඇති බලවේග අනාවරණය කරගත යුතු බව ඔවුන්ගේ මතයයි.​විශේෂයෙන්ම මෙරටට ගෙන්වන ලද ඇතැම් එන්නත් වර්ග සම්බන්ධයෙන් මතුව ඇති බරපතල ගැටලුකාරී තත්ත්වය පිළිබඳවද මෙහිදී කරුණු අනාවරණය විය. සිවිල් සංවිධාන ක්‍රියාකාරී අචල දිවාකර මහතා ඇතුළු පිරිස මාධ්‍ය හමුවේ අවධාරණය කළේ, රෝගීන්ගේ ජීවිත අනතුරේ හෙළන මෙවැනි ක්‍රියාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

What's your reaction?

Related Posts

1 of 1,053

Leave A Reply

Your email address will not be published. Required fields are marked *