කලා ඔය පාලමේ සිරවූ මගීන් 67ම නාවික හමුදාව බේරා ගනී!

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත ගංවතුරට හසුවී සිරවී සිටි බස් රථයේ මගීන් මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කර ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. නාවික හමුදාවට අනුව, බස් රථයේ සිටි මගීන් 67 දෙනාම මුදාගෙන තිබේ. අධික වර්ෂාව හේතුවෙන් කලා ඔය පාලමේ ගංවතුරට හසුවී රථය සිරවීමෙන් පසු මගීන් බස් රථයේ වහලය මත රැකවරණය ලබා ගෙන තිබුණි. මේ අතර, මුදාගත් පුද්ගලයන්ගෙන් කිහිප දෙනෙකු නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 938

Leave A Reply

Your email address will not be published. Required fields are marked *