කලා වැවේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යෑම හේතුවෙන්, අද (දෙසැම්බර් 04) පෙරවරු 9.00ට එම වැවේ වාන් දොරටු දෙකක් අඩි 4 බැගින් විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත. වැව පිරී ඉතිරී යෑම වැළැක්වීම සඳහා මෙම ජලය මුදාහැරීම අත්‍යවශ්‍ය වී තිබේ.මේ හේතුවෙන් වැවේ පහළ නිම්නය ආශ්‍රිතව පදිංචි සියලුම ජනතාව වෙත වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශේෂ අවධානයක් යොමු කරන ලෙස දැනුම් දෙයි. ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානම සැලකිල්ලට ගෙන, ඔවුන්ගේ දේපළ සහ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් වෙමින්, වඩාත් සුපරීක්ෂාකාරීව කටයුතු කරන මෙන් බලධාරීන් ඉල්ලා සිටී.


























