දකුණු ආසියානු කලාපයේ දිගුකාලීන සාමය සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා ශක්තිමත් කලාපීය සහයෝගීතාවයක හදිසි අවශ්‍යතාවයක් පවතින බවත්, එහිදී ඉන්දියාවේ භූමිකාව මධ්‍යස්ථ වන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි. මෑතකාලීන ගෝලීය සහ කලාපීය ආරක්ෂක වර්ධනයන් පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, බංග්ලාදේශය, නේපාලය සහ ශ්‍රී ලංකාව යන රටවල මෑතකාලීනව ඇති වූ දේශපාලන කැළඹීම් සහ රජයන් වෙනස් වීම් බොහෝ විට අන්තවාදී බලවේගයන්ගේ පෙළඹවීම් මත සිදු වූ ඒවා බවයි. මෙවැනි අභියෝග ජය ගැනීම සඳහා අන්තවාදයට එරෙහිව සටන් කිරීමට, දේශපාලන ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට සහ සුළුතර අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සාමූහික කැපවීමක් අවශ්‍ය බව ඔහු සිය ‘X’ පණිවුඩය හරහා ප්‍රකාශ කර ඇත.නැගී එන අර්බුදවලට ඔරොත්තු දීමට සහ පොදු අභියෝග හමුවේ සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට දකුණු ආසියාව තුළ වැඩි කලාපීය අනුකූලතාවයක් අවශ්‍ය බව පෙන්වා දෙන නාමල් රාජපක්ෂ මහතා, සංවර්ධනය සහ ස්ථාවරත්වය යන පොදු අරමුණු මත එක්සත් වීමෙන් කලාපයක් ලෙස ජාත්‍යන්තරව වැඩි බලපෑමක් එල්ල කළ හැකි බවද සඳහන් කරයි. විශේෂයෙන්ම ඉදිරියේදී බංග්ලාදේශයේ සහ නේපාලයේ පැවැත්වීමට නියමිත මැතිවරණ, නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීම හරහා ප්‍රජාතන්ත්‍රවාදී වලංගුභාවය යළි තහවුරු කිරීමටත්, එමඟින් කලාපීය ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමටත් බලාපොරොත්තු සහගත අවස්ථාවක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.


























