කලාවැව හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කෙරේ

හදිසි වාන් දොරටු විවෘත කර ඇති කලාවැවේ ජල මට්ටම අද(13) උදෑසන වනවිටත් තවදුරටත් ඉහළ යාම හේතුවෙන් අද(13) පෙරවරු 06.00 සිට ඒම හදිසි වාන් දොරටු තවදුරටත් විවෘත කිරීමට කලාවැව ජලාශ බාර වාරි ඉංජිනේරුවන් පියවර ගෙන තිබේ.

ඒ අනුව අද(13) පෙරවරු 6.00 සිට කලාවැව හදිසි වාන් දොරටු දෙක අඩි 03 බැගින් වන සේ විවෘත කර තිබේ.

දඹුළුඔය ඔස්සේ කලාවැවට තවදුරටත් ජලය ඒක්වෙමින් පැවැතීම නිසා කලාවැව ජල මට්ටම මෙලෙස ඉහළ යමින් පවතින බව කලාවැව ජලාශ භාර කාර්යාලය පවසයි.

ඒ් අනුව අද උදෑසන වනවිට කලාවැවෙ සමස්ථ ජලධාරිතාවය අක්කර අඩි 85867 ක්ව තිබිණ.

දඹුළු ඔය ඔස්සේ තත්පරයට ඝන අඩි 5077ක ජල ප්‍රමාණයක් ඒ් වනවිටත් කලාවැවට ඒක්වෙමින් තිබිණ.

මේ වනවිට අඩි 03ක් දක්වා විවෘත කර ඇති හදිසි වාන් දොරටු මගින් කලාඔයට මුදා හැරෙන ජල ප්‍රමාණය තත්පරයට ඝන අඩි 3120කි.

කලාවැව හදිසි වාන් දොරටු විවෘත කිරීමත් සමග කලාඔයේ ජලධාරිතාවය ඉහළ යාම හේතුවෙන් කලාවැව අවුකන මාර්ගය තව දුරටත් අවුකන විහාරස්ථානය අසළීන් ජලයෙන් යටව පවතී. ඒ් අනුව අද දිනයේද ඒම මාර්ගයේ ගමනා ගමන කටයුතු ඇනහිට තිබේ. ඒ වෙනුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දන්වා සිටී.

What's your reaction?

Related Posts

1 of 522

Leave A Reply

Your email address will not be published. Required fields are marked *