විපක්ෂය සිය අනාගත දේශපාලන පැවැත්ම පිළිබඳ පවතින බිය හේතුවෙන් රජය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බව නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. ආණ්ඩුව කඩාවැටෙන බවට ඔවුන් කරන ප්‍රකාශ පදනම් විරහිත බව පෙන්වා දෙන අමාත්‍යවරයා, නීතිය සැමට සමාන ලෙස ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිපත්තිය මත රජය ස්ථාවරව ඉදිරියට යන බව අවධාරණය කළේය. පොලිසිය සහ විමර්ශන අංශ ස්වාධීනව ක්‍රියාත්මක වන විට ඇතැම් දේශපාලන පාර්ශවවල අතීත ක්‍රියාකලාපයන් හෙළිදරව් වීම මෙම කලබලයට ප්‍රධාන හේතුව බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.ගෝලීය වශයෙන් පවතින යුදමය වාතාවරණය සහ බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව වැනි රටවලට එල්ල වන බලපෑම කළමනාකරණය කිරීමට රජය සූදානම් බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය. ජාත්‍යන්තර මිත්‍ර රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් ඉන්ධන සහ බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට ජනාධිපතිතුමා ප්රමුඛ රජය උපරිම උත්සාහයක නිරත වේ. ලෝක දේශපාලන තත්ත්වයන් ස්ථාවර වූ වහාම එහි සහනය ජනතාවට ලබා දෙමින් ඉන්ධන මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.දේශපාලන ක්ෂේත්රයේ පවතින විවිධ විවේචන සහ මත ගැටුම් මැද වුවද, රටේ ස්ථාවරත්වය සහ මහජන සුභසාධනය වෙනුවෙන් සියලු පාර්ශවයන් වගකීමෙන් බැඳී සිටිය යුතු බව අමාත්‍යවරයා මතක් කර දෙයි. නායකයන් තෝරා ගැනීම ජනතාව සතු පරම අයිතියක් වුවද, විපක්ෂය පටු දේශපාලන වාසි තකා ජනතාව නොමග නොයැවිය යුතු බව ඔහුගේ අදහසයි. රජය ඕනෑම දුෂ්කර තත්ත්වයකට මුහුණ දිය හැකි පරිදි සැලසුම් සහගතව කටයුතු කරන බව ඔහු මෙහිදී සහතික විය.මේ දිනවල දැඩි කතාබහට ලක්ව ඇති අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, ඒ පිළිබඳව අනවශ්‍ය ලෙස කලබල විය යුතු නැති බව ප්‍රකාශ කළේය. උත්සව සමයට තවමත් කල් පවතින බැවින්, අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු සහ විද්වත් පාර්ශවයන් විසින් නියමිත වේලාවට නිල නැකැත් සීට්ටුව ඉදිරිපත් කරනු ඇති බවත්, එය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙසත් ඔහු විපක්ෂයෙන් ඉල්ලා සිටියේය.


























