දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ පේරාදෙණිය සහ සරසවි උයන දුම්රිය ස්ථාන අතර මහවැලි ගඟ හරහා පිහිටා ඇති ඓතිහාසික ‘කළු පාලම’ ද්විත්ව දුම්රිය මාර්ගයක් සහිත නව පාලමක් ලෙස ඉදිකිරීමට සැලසුම් සකස් කරමින් සිටින බවයි. මෑත කාලගුණික අයහපත් තත්ත්වය හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයන් නිසා මෙම පාලමට දැඩි හානි සිදුවීම හේතුවෙන් මෙම තීරණයට එළැඹ තිබේ.දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා සඳහන් කළේ, පාලමේ වත්මන් තත්ත්වය පිළිබඳව කළ නිරීක්ෂණ අනුව, එය තාවකාලිකව නඩත්තු කිරීම හෝ අලුත්වැඩියා කිරීම යෝග්‍ය නොවන බව පැහැදිලි වන බවයි. එහි එක් කොටසක් ඇල වී ඇති අතර, එය ප්‍රතිසංස්කරණය කළ හැකි ආකාරය පිළිබඳ අවසන් තීරණය හෙට (සඳුදා) දිනයේදී ගැනීමට නියමිතය.ඒ අනුව, දීර්ඝකාලීන විසඳුමක් ලෙස, පාලම ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කරමින් නව ඉදිකිරීමක් වෙත යොමුවීමට දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කර තිබේ. මෙම නව සැලසුම අනුව ඉදිරි කටයුතු සැලසුම් වනු ඇත.


























