කළුතර සජබ අපේක්ෂකයෙකුට එල්ල වූ වෙඩි ප්‍රහාරය දෙවන වරටත් වරදියි

​කළුතර මහා නගර සභා මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් තරග කරන අපේක්ෂකයෙකු ඉලක්ක කර ගනිමින් එල්ල වූ වෙඩි ප්‍රහාරයක් දෙවන වරටත් අසාර්ථක වී ඇති බව පොලිසිය පවසයි. පෙබරවාරි 7 වනදා රාත්‍රියේ කළුතර ප්‍රදේශයේදී හඳුනා නොගත් තුවක්කුකරුවෙකු විසින් මෙම අපේක්ෂකයාට වෙඩි තැබීමට උත්සාහ කර ඇති නමුත් එයින් කිසිදු තුවාලයක් සිදුවී නොමැත. මෙලෙස ප්‍රහාරයට ලක්ව ඇත්තේ බන්දුල ප්‍රසන්න නැමැති අපේක්ෂකයෙකු වන අතර, මීට මාස නවයකට පමණ පෙර ද මොහු ඉලක්ක කර ගනිමින් මෙවැනිම වෙඩි තැබීමේ උත්සාහයක් සිදුවී ඇති බවත් එය ද අසාර්ථක වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. සිද්ධිය වූ ස්ථානයේ තිබී පිස්තෝල උණ්ඩයක් සහ බිම වැටී තිබූ ජංගම දුරකථනයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *