ව්‍යාජ කෙටි පණිවිඩ (SMS) සහ අන්තර්ජාල දැන්වීම් හරහා ක්‍රියාත්මක වන නවතම ක්‍රෙඩිට් කාඩ් වංචාවක් පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) මහජනයාට විශේෂ දැනුම්දීමක් කර ඇත. ඔබගේ කාඩ්පතේ “සැකකටයුතු ක්‍රියාකාරකම්” පවතින බැවින් එය පැය 24ක් ඇතුළත අත්හිටුවන බව පවසමින් වංචාකරුවන් පණිවිඩ එවනු ලබයි. එමගින් ලැබෙන ලින්ක් (links) වෙත පිවිස ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළු පෞද්ගලික තොරතුරු ලබාදීමට පෙළඹෙන වින්දිතයන්ගෙන්, පසුව OTP කේත ලබාගෙන ඔවුන්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සොරකම් කරන බව CERT ආයතනය පෙන්වා දෙයි.මීට අමතරව, පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් වට්ස්ඇප් (WhatsApp) වීඩියෝ ඇමතුම් හරහා සිදුකරන තවත් වංචාවක් පිළිබඳවද තොරතුරු වාර්තා වී ඇත. අත්අඩංගුවේ පසුවන අපරාධකරුවෙකු වින්දිතයාගේ හැඳුනුම්පත් අංකය භාවිතා කර වංචාවක් සිදුකර ඇති බව පවසමින් ඔවුන් බිය ගන්වන අතර, අත්අඩංගුවට පත්වීම වැළැක්වීමට නම් මුදල් ලබාදෙන ලෙස බලපෑම් කරනු ලබයි. කිසිදු විටෙක නන්නාඳුනන ඇමතුම් හෝ ලින්ක් හරහා සංවේදී තොරතුරු හුවමාරු නොකරන ලෙසත්, සැකකටයුතු අවස්ථාවකදී වහාම තම බැංකුව සම්බන්ධ කරගෙන තොරතුරු තහවුරු කරගන්නා ලෙසත් CERT ආයතනය වැඩිදුරටත් උපදෙස් දෙයි.


























