ක්ලබ් වසන්තගේ මරනය පිටරට සිට මෙහෙයවූවක්

අතුරුගිරියේ අද (8) සිදුවූ වෙඩි තැබීම පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.

එම වෙඩිතැබීම විදේශයක සිට මෙහෙයවූවක් බවට සැක කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේ.

අතුරුගිරිය මංසන්ධිය ප්‍රදේශයේ අද (08) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ‘ක්ලබ් වසන්ත’ නමැත්තා ජීවිතක්ෂයට පත්වුණා.

අතුරුගිරිය ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වූ අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ.

එම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 06 දෙනෙකු රෝහල් ගතකර ඇති අතර, බරපතළ තත්ත්වයෙන් පසුවන ගායන ශිල්පිණී කේ. සුජීවාද ඒ අතර සිටියා.

එහිදී හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ ඇයව කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *