“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට සමගාමීව සංවිධානය කළ ප්‍රාසාංගික වැඩසටහනක් මහරගම තරුණසේවා සභාවේදී

👉

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ජාතික තරුණ සේවා සභාව හා ජාතික යොවුන් සේනාංකය එක්ව සංවිධානය කළ ප්‍රාසාංගික වැඩසටහන ඊයේ (14දා) ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේ දී සිදු කෙරුණි.

 “Youth එක Clean වෙන ආදර පෙබරවාරිය” ලෙස නම් කර තිබූ මෙම වැඩසටහන  සඳහා මෙරට ජනප්‍රිය ගායික ගායිකාවන් මෙන් ම ජාතික යොවුන් සේනාංකයේ සහ ජාතික තරුණ සේවා සභාවේ ගායක ගායිකාවන් ද සම්බන්ධ වූ අතර, සිංහල, දමිළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් ම ගීත ගායනා සහ ප්‍රාසාංගික අංග පැවැත්විය. එමෙන් ම නර්තන හා රංගන දායකත්වය ජාතික තරුණ සේවා සභාවේ සහ ජාතික යොවුන් සේනාංකයේ නර්තන කණ්ඩායම විසින් සිදු කළහ. මේ සඳහා සම්බන්ධ වූ කලාකරුවන් ස්වේච්ඡාවෙන් මේ සඳහා සිය දායකත්වය ලබා දීම ද විශේෂත්වයකි.

මෙම වැඩසටහන සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති සුපුන් විජේරත්න ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් , තරුණ සේවා සභාවේ සහ ජාතික යොවුන් සේනාංකයේ නිලධාරීන් එක්ව සිටියහ.

මීට සමගාමීව දිස්ත්‍රික්ක 26ම ආවරණය වන පරිදි ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ (15දා) සහ (16දා) වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *