ක්ෂණික ගංවතුර අවදානමක්

ගිංතොට පින්තාලිය දුම්රිය හරස් මාරගයේදි අද (23) සවස මරදාන සිට මාතර බලා ධාවනයවු රුහුණු කුමාරි සිඝ්‍රගාමි දුම්රියේ යතුරු පැදියක් හැපි එහි ගමන් ගත් තරුණයින් තිදෙනාම මියගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ තෙලිකඩ පොලිස් වසමට අයත් කැකිල්ලමණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 18 ,19, 19හැවිරිදි තරුණයින් තිදෙනෙකි.

ඔවුන් අද සවස යතුරු පැදියේ ටයරයක් මාරුකරගෙන දන්සල් වලට යාමසඳහා පැමිණෙමින් සිටියදි දුම්රියේ හැපි ඇති අතර තිදෙනාගෙන් එක් අයෙකු එම ස්ථානයේම මියගොස් ඇති බවත් අනෙක් දෙදෙනා කරාපිටිය රෝහලට ඇතුලත්කිරිමෙන් පසු මියගිය බවත් පොලිසිය පවසයි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණ හෙට කරාපිටිය රොහ්ලේදි පැවැත්විමට නියමිත අතර ගාල්ල පොලිස් අධිකාරි සතිස් ගමගේ මහතාගේ උපදෙස් පරිදි රත්ගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂන පවත්වා ගෙන යනු ලැබේ

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *