අවාසනාවන්ත ලෙස මියගිය කාවන්තිස්ස නමැති හස්තියාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්ගමුව මහේස්ත්රාත් අධිකරණය විසින් අදාළ පශු වෛද්ය නිලධාරීන්ට නියෝග කර තිබේ.මීට අමතරව, මෙම හස්තියාගේ මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් විධිමත් හා විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් වහාම ආරම්භ කරන ලෙස මීගලෑව වනජීවී අඩවි ආරක්ෂක නිලධාරියා වෙත ද අධිකරණය විසින් වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.



























