කැනේඩියානු රජයෙන් චීනයට විරෝධයක්

උයිගර් සහ ටිබෙටය සම්බන්ධ මානව හිමිකම් ගැටළුවලට සම්බන්ධ කැනේඩියානු ආයතන දෙකකට සහ පුද්ගලයින් 20 දෙනෙකුට එරෙහිව පියවර ගැනීම සම්බන්ධයෙන් කැනේඩියානු රජය චීනයට විරෝධය පළ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් කැනඩාව පවසන්නේ චිනයේ ක්‍රියාකලාපය හෙළා දකින බවයි.

“ගෝලීය කටයුතු කැනඩාව, කැනේඩියානු ටිබෙට් කමිටුවේ සහ උයිගර් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ ව්‍යාපෘතියේ සාමාජිකයින් සමඟ සහයෝගීතාවය ප්‍රකාශ කරන අතර මානව හිමිකම් වෙනුවෙන් කතා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දඬුවම් කිරීමට චීන රජය ගත් තීරණය හෙළා දකියි” යනුවෙන් කැනේඩියානු රජය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

එමෙන්ම අදාළ නිවේදනය මගින් ජාත්‍යන්තර නීතිය යටතේ ඇති බැඳීම්වලට ගරු කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටි අතර දේශීය නීති අත්තනෝමතික ලෙස ක්‍රියාත්මක කිරීමේ අවදානම හේතුවෙන් චීනය සම්බන්ධයෙන් ප්‍රවේශම් සහගතව ක්‍රියා කරන ලෙස කැනේඩියානුවන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

අදාළ කැනේඩියානු ආයතනවල සහ පුද්ගලයින්ගේ වත්කම් තහනම් කිරීමට ඇතුළු පියවර කිහිපයක් චීනය නිවේදනය කර තිබුණා.

එහි ඉලක්ක වූයේ කැනඩාව පදනම් කරගත් උයිගර් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමේ ව්‍යාපෘතිය සහ කැනඩා-ටිබෙට් කමිටුව බවයි චීනයේ විදේශ අමාත්‍යාංශය පැවසුවේ

What's your reaction?

Related Posts

1 of 145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *