කැලණිය ප්‍රදේශයේ නිවසකට කඩාපැන නිදා සිටි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීම හා කොළඹ හා තදාසන්න ප්‍රදේශවලදී වෙඩි තබා පුද්ගලයන් සිව්දෙනකුට මරණීය තුවාල සිදු කිරීම ඇතුළු චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයකු යැයි කියන ගනේමුල්ලේ සංජීව නමැත්තා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය ඊයේ (05දා) නියෝග කළාය.
බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින එම සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ දැඩි ආරක්ෂාව යටතේ අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. පෙරකී චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති සිය සේවාදායකයා දීර්ඝ කාලයක් තිස්සේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැවින් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඔහු ඇප මත මුදාහරින්නැයි එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතිරේක මහෙස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.