නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද දිනයේ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ගමන්වාර 5 ක් අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉඳිපොලගේ මහතා පැවසුවේ, නුගේගොඩ හා උඩහමුල්ල අතර පැඟිරිවත්ත දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස දුම්රිය ගමන්වාර අවලංගු කර ඇති බවයි.
අද පෙරවරුවේ හා පස්වරුවේ ධාවනය වීමට නියමිත දුම්රිය ගමන්වාර එලෙස අවලංගු වනු ඇති.