කිලිනොච්චි මුහුදේ නීති විරෝධී මුහුදු කැකිරි වැටලීමක්: පුද්ගලයින් 13ක් දැලේ

2026 ජනවාරි 19 වන දින කිලිනොච්චිය, වාලයිපාඩු මුහුදු ප්‍රදේශයේ නාවික හමුදාව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදී මුහුදු කැකිරි අස්වනු නෙළමින් සිටි පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘බුවනෙක’ ආයතනය මගින් ක්‍රියාත්මක කළ මෙම වැටලීමේදී නීති විරෝධී ලෙස නෙළන ලද මුහුදු කැකිරි 1,108ක්, ඩිංගි යාත්‍රා හතරක් සහ කිමිදුම් උපකරණ තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.​අත්අඩංගුවට ගත් සැකකරුවන් මන්නාරම, පල්ලිමුනෙයි, තොට්ටවේලි, සවුත්බාර් සහ එලුතූර් යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29ත් 67ත් අතර පසුවන්නන් බව හඳුනාගෙන ඇත. අදාළ සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් දේපළ ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දී තිබේ. ශ්‍රී ලංකාවේ සාගර සම්පත් සුරැකීම සහ නීති විරෝධී ධීවර කටයුතු මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව සිදුකරන මෙහෙයුම්වල තවත් එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.

What's your reaction?

Related Posts

1 of 1,006

Leave A Reply

Your email address will not be published. Required fields are marked *