කිලිනොච්චියේ කෝටි 5ක මූල්‍ය වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට!

කිලිනොච්චිය පොලිස් වසමේ පිහිටි පෞද්ගලික කර්මාන්තශාලාවකින් රුපියල් මිලියන 50කට ආසන්න වටිනාකමකින් යුත් අමුද්‍රව්‍ය සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 2024 මාර්තු 18 සහ 2025 මැයි 29 අතර කාලය තුළ මෙම වංචාව සිදුව ඇති බව අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මාවනැල්ල සහ ගෙටහෙත්ත ප්‍රදේශවල පදිංචි අවුරුදු 27 සහ 36 යන වයස්වල පසුවන්නන් වේ.​සැකකරුවන් අද (ජනවාරි 13) කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

What's your reaction?

Related Posts

1 of 940

Leave A Reply

Your email address will not be published. Required fields are marked *