කුලී නිවසක මත්ද්‍රව්‍ය වගා කළ බෙලරූස් ජාතිකයෙක් දැලේ!

අක්මීමන ප්‍රදේශයේ කුලියට ගත් නිවසක් තුළ ගංජා වගා කළ බෙලරූස් ජාතිකයෙකු ගාල්ල දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.​සැකකරු නිවසේ කාමර දෙකක් තුළ ඉතා සූක්ෂම ලෙස ගංජා පැල පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ට විකිණීමේ අරමුණින් විදේශිකයා මෙම පැළ වගා කර ඇති බවට විමර්ශන මගින් අනාවරණය වී තිබේ.​කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට අයත් මෙම නිවස, සැකකරු විසින් මාසිකව රුපියල් 150,000 ක මුදලකට කුලියට ගෙන තිබූ බවද වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,011

Leave A Reply

Your email address will not be published. Required fields are marked *