කෘමීන් එළවන්න නව නිපැයුමක්.

කෘමි නාශකවලින් තොරව එම කෘමි හානි වළක්වා ගැනීම සඳහා නව තාක්ෂණය ඔස්සේ විසඳුමක් සොයා ගැනීමට මේ වනවිට හැකි වී තිබෙනවා.

මෙහි විශේෂත්වය වන්නේ එලෙස කෘමි සතුන් මර්දනය සිදු කෙරෙන්නේ බල්බයක් ආධාරයෙන් වීමයි.

වසර ගණනාවක් තිස්සේ සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම සළඹ විකර්ෂක එල්.ඊ.ඩී. බල්බය හඳුන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ බියගම කලාපයේ පිහිටි පෞද්ගලික සමාගම විසින්.

ඒ ඔවුන්ගේ ජපාන මව් සමාගම හා එක්වයි.

මෙම බල්බය මගින් නිකුත් කරන කහ පැහැති ආලෝකය හා තරංග හේතුවෙන් වගාව තුළට සළඹයන් පැමිණීම වැළකෙනවා.

ඒ අනුව මූලික අදියරේදීම කෘමි සතුන් ගහණය පාලනයට හැකියාව ලැබෙන අතර මෙම බල්බ මගින් නිකුත් කරන ආලෝකය සතුන්ට හෝ මිනිස් සිරුරට කිසි ලෙසකින් අහිතකර වන්නේ නැහැ.

ඉදිරියේදී දේශීය වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිත මෙම එල්.ඊ.ඩී. බල්බ සහිත එක් ඒකකයක් ගොවිබිමක් තුළ ස්ථාපිත කිරීමට වැය වන මුදල රුපියල් 80,000ක් පමණ වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *