ආසියානු සංවර්ධන බැංකුවේ සහයෙන් මෙරට නිෂ්පාදන ඉතාලිය, ජර්මනිය සහ කැනඩාවට අපනයනය කිරීමේ වැඩපිළිවෙලක්

මැටි, පිත්තල සහ වේවැල් කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඉතාලිය, කැනඩාව සහ ජර්මනිය යන රටවල්වලට අපනයනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ තම අමාත්‍යාංශය මැදිහත්ව එම කර්මාන්තකරුවන් සම්බන්ධ කර ගනිමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි.

එම කර්මාන්තකරුවන්ට ආසියානු සංවර්ධන අරමුදල සමග එක්ව සහනදායී පොලී අනුපාත යටතේ ණය ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *