කෙහෙළිය ඇතුළු පිරිසට රුපියල් මිලියන 275ක දඩයක්: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

2022 වසරේ ඉන්දීය ණය රේඛාව යටතේ සම්මත ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින්, ලියාපදිංචි නොකළ සමාගමකින් සෞඛ්‍ය උපකරණ මිලදී ගැනීම හරහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිස මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය. මෙම නඩු තීන්දුවට අනුව, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට රුපියල් මිලියන 75ක මුදලක් සිය පෞද්ගලික ධනයෙන් රජයට වන්දි වශයෙන් ගෙවන ලෙස නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.​මීට අමතරව, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු සභාපති මහාචාර්ය එස්.ඩී. ජයරත්න යන අයට රුපියල් මිලියන 50 බැගින් රජයට ගෙවන ලෙස අධිකරණය නියෝග කර ඇත. එමෙන්ම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර සහ වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුෂිත සුදර්ශන යන අයට ද රුපියල් මිලියන 50 බැගින් රජයට වන්දි ගෙවන ලෙස එම තීන්දුවේ සඳහන් වේ.​ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) ඇතුළු පාර්ශ්ව තුනක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව, විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

What's your reaction?

Related Posts

1 of 1,068

Leave A Reply

Your email address will not be published. Required fields are marked *