කෙහෙළියගේ දියණිය චමිත්‍රි රඹුක්වැල්ල අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් මිලියන 300ක මුදල් විශුද්ධිකරණයට අදාළ චෝදනාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ එල්ල වූ චෝදනා මත චමිත්‍රි රඹුක්වැල්ල මහත්මිය පසුගිය වසරේ ජුනි මාසයේදී ද අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි තැනැත්තියකි.

What's your reaction?

Related Posts

1 of 1,004

Leave A Reply

Your email address will not be published. Required fields are marked *