කොටහේන ඝාතනයට අදාළව තවත් තොරතුරු රැසක් හමුවෙයි : දෙදෙනෙකු අත්අඩංගුවට

පසුගිය 21 වනදා කොටහේන පොලිස් වසමේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලදී. ඉන් එක් සැකකරුවෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඉකුත් 23වනදා 

එම පැදිකරු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 15ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 06ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද ආදායම් බලපත්‍ර 03ක් හා රක්ෂණ සහතික 03ක් සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරු වයස අවුරුදු 33ක් වන එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.

ඔහු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් එළැඹෙන මාර්තු 01වනදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන පොලීසිය විසින් මේ වනවිට වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

එම සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්නකිරීමේදී ඔහු විසින් විදේශගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ උපදෙස් මත යතුරුපැදියකට ව්‍යාජ අංක සවිකර වෙනත් අපරාධකරුවන් දෙදෙනෙකු වෙත භාර දී ඇති බව අනාවරණය කරගෙකන ඇත.

 ඒ අනුව එම යතුරුපැදිය ද එගොඩඋයන ප්‍රදේශයේ සඟවා තිබියදී සොයාගැනීමට පොලීසියට හැකිව තිබේ.

එම යතුරුපැදිය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ එය ඉකුත් පෙබරවාරි මසදී මාලඹේ දී සොරකම් කරන ලද යතුරුපැදියක් බවයි.

එමෙන්ම එම යතුරුපැදියට ව්‍යාජ අංක තහඩුවක් යොදා ඉකුත් 21වනදා දින කොටහේනේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සිදුකර ඇති බවටද පොලීසියට කරුණු අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.  

What's your reaction?

Related Posts

1 of 569

Leave A Reply

Your email address will not be published. Required fields are marked *