කොටහේන , ගල්පොත්ත හන්දියේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබු සැකකරුවන් දෙදෙනා පොලිස් වෙඩි ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, එම සැකකරුවන් සැඟවූ බව කියන ගිනි අවි සොයා ගැනීමට පොලිසිය සැකකරුවන් සමග කාකදුපතට ගොස් ඇති බවයි.
එහිදී සැකකරුවන් විසින් පොලිසියේ ගිනි අවි උඳුරාගෙන පොලිසියට වෙඩි තැබීමට උත්සහ කර තිබේ
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ , එහිදී පොලිසිය ද වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරුවන් රෝහල්ගත කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
කොටහේන, ගල්පොත්ත හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ රාත්‍රියේදී ය.
වෙඩි තැබීම සිදු කර පලායමින් සිටියදී ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ ය.
යතුරු පැදියකින් පැමිණි මෙම තුවක්කුකරුවන් කළ වෙඩි තැබීමෙන් මිය ගියේ, 36 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.