ඒ අනුව කොලඹ වරායෙන් ඊයේ දින බහලුම් 459 ක් නිදහස් කර ඇති අතර RCT, ග්‍රේලයින් 1 හා 2 අංගන වලින් බහලුම් 242 ක් පරීක්ශාව අවසන් කොට නිදහස් කර තිබුනා.
රේගුවෙන් දිනකට පරීක්ශා කර බහලුම් 500 ක් පමන නිදහස් කල හැකි වුවත් නිෂ්කාෂන නියෝජිතයින්ගේ හා ලොරි රථ රියදුරන්ගේ පැමිනීම අඩු වූ නිසා නිදගස් කලහැකි ප්‍රමානය මෙසේ පහත මට්ටමක පැවතුනා.
අද (14) උදෑසන වනවිට දොරටු අවසර පත් නිකුත් කොට එහෙත් භාන්ඩ පරීක්ශන අංගන වෙත නිදහස් කිරීමට වරාය තුල බහලුම් 496ක් ඉතිරි වී තිබෙනවා.
මෙහිදී සඳහන් කල යුතු විශේෂ කරුනක් වන්නේ රේගුව විසින් නිදහස් කල, එහෙත් ආනයනකරුවන් හා ඔවුන්ගේ නිශ්කාෂන නියෝජිතයන් විසින් තවමත් මුදා ගැනීමට කටයුතු නොකල බහලුම් 603 ක් කොලඹ වරාය තුල මේ වනවිට ඉතිරි වී තිබෙනවා. වරායේ බහලුම් පර්යන්ත තුල ඉඩකඩ ඇසිරීමට මෙයින් සෑහෙන බලපෑමක් සිදු වෙනවා.
අද දින නිවාඩු දිනයක් වුවත් රේගුව සහ අදාල අනෙකුත් රාජ්‍ය ආයතන බහලුම් නිදහස් කිරීමේ කටයුතු වල යෙදෙනවා.