කොහුවල වෙඩි තැබීමකින් 16 හැවිරිදි දැරියක් රෝහලට

කොහුවල, සරණංකර පාරේ බෝධියවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 16 හැවිරිදි දැරියක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය පවසයි. යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් තුවක්කුකරුවන් දෙදෙනෙකු අදාළ නිවසට වෙඩි තබා පළා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. කෙසේ වෙතත්, මෙම වෙඩික්කරුවන්ගේ ඉලක්කය වැරදී ඇති බවට පොලිසිය සැක පළ කරයි. ඔවුන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ අදාළ නිවසට යාබදව පිහිටි වෙනත් නිවසකට බවටයි දැනට තොරතුරු අනාවරණය වී ඇත්තේ.​තුවාල ලැබූ නව යොවුන් දැරිය වහාම අසල පිහිටි රෝහලකට ඇතුළත් කර ඇති අතර, ඇයගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වෛද්‍ය නිලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

What's your reaction?

Related Posts

1 of 921

Leave A Reply

Your email address will not be published. Required fields are marked *