කොළඹ ආනන්ද බාලිකා විදුහල සියවස් සැමරුමට වැඩසටහන් පෙළක්..

වසර සියයක් සපිරෙන කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය …සියවසෙන් පියවරක් ඉදිරියට යන තේමාව යටතේ..මෙවර සියවස් සැමරුම පැවැත්වීමට උත්සව රැසක් සංවිධානය කර තිබෙනවා..

මේ පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි W.B.G කුමුදුනී මහත්මියගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයේදී පැවැත්වුණා…

අනගාරික ධර්මපාලතුමන් විසින් එතුමන්ගේගේ නිවස පරිත්‍යාග කරමින් බෞද්ධ පාසලක් ලෙස ස්ථාපිත කළ කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලය අභිමානවත් ලෙස සියවස් සැමරුම සිදු කරන බවයි මෙහිදී කියා සිටියේ..

මේ වෙනුවෙන් පැවැත්වෙන උත්සව අතර…

පොත් සීයක් එළිදැක්වීම.
විදුහලට නව ගොඩනැගිල්ලක් නිර්මාණය ,
සියවස් සැමරුම වෙනුවෙන් පා ගමනක්,
කිරිඅම්මාවරු දානයක්.
.පිරිත් දේශන..
මරදාන ප්‍රදේශයේ දැවැන්ත ප්‍රදර්ශනයක් කිරීමටත් සැලසුම් කර තිබෙනවා..

සියවස් සැමරුමට සමගාමීව
පර්යේෂණ ග්‍රන්ථයක් පාසල වටා ගෙතුණු ඓතිහාසික තොරතුරු..ඇතුළත්ව නිර්මාණය කිරීමටත් කටයුතු කර ඇති බවයි මාධ්‍ය හමුවේදී සඳහන් කළේ..

පා ගමන වෙනුවෙන් නිර්මාණය කළ ටී ෂර්ට් හඳුන්වාදීමත්..වාහන සඳහා නව බැච් සහ ස්ටිකර් හඳුන්වාදීමත් මෙහිදී සිදු කෙරුණා..

විදුහලේ ආදි ශිෂ්‍යාවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා..

What's your reaction?

Related Posts

No Content Available

Leave A Reply

Your email address will not be published. Required fields are marked *