අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස අද ප්‍රකාශයට පත් කර තිබේ.

නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමරත්න හේරත් මහතා සඳහන් කළේ, ලබන 29 වැනිදා වන විට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා අවසන් කරන බවයි.

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වෙන්නේ, මැයි 6 වැනිදායි.

පසුගිය 25 වැනිදා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන්ට, හෙට සහ අනිද්දා ඒ සඳහා අවස්ථාව උදාවෙයි.

What's your reaction?

Related Posts

1 of 1,336

Leave A Reply

Your email address will not be published. Required fields are marked *