ආර්.දුමින්ද සිල්වා සිරකරු ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ නිර් දේශ අනුව බන්ධනාගාර රෝහලේ ප්‍රථිකාර ලත් අතර, එම ප්‍රථිකාර තවදුරටත් ලබා දිය යුතුද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා විසින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්තුමාගේන් ලිඛිතව සිදු කළ විමසීමකට අනුව, විශේෂඥ වෛද්‍යවරුන් 18 යුත් වෛද්‍ය කණ්ඩායමක් පත් කරණු ලැබීය.
එම වෛද්‍ය කණ්ඩායමේ නිර් දේශ අනුව මෙම සිරකරු තවදුරටත් බන්ධනාගාර රෝහල තුල හෝ වෙනත් රෝහලක නේවාසිකව ප්‍රථිකාර ලබා දීම අවශ්‍ය නොවන බවත්, හදිසි සංකූලතාවයක් ඇති වුවහොත් පමණක් නොපමාව ප්‍රථිකාර ලබා දෙන ලෙස බන්ධනාාර දෙපාර්තමේන්තුවට දන්වන ලදී.
ඒ අනුව, මෙම සිරකරු 2025.01.10 වන දින බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැදවීමට කටයුතු කරන ලදී. එහි රදවා සිටින අවස්ථවේ දී හදිසියේ ඇති වු සංකූලතාවයක් අනුව බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර් දේශ අනුව 2025.01.11 පෙරවරු 02.00 ට පමණ කොළඹ ජාතික රෝහලට ප්‍රථිකාර සදහා යොමු කරන ලදී.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර අවසන් කර නැවත 2025.01.12 වන දින බන්ධනාගාර රෝහල වෙත මාරු කර ඇති අතර, සිරකරුගේ ප්‍රථිකාර අවසන් බැව්න් නැවත වැලිකඩට ඇතුල කිරිමට අඨිකාරි කරන ලද විමසීමකට අනුව, සිරකරුට තවදුරටත් වෛද්‍ය ප්‍රථිකාර තවදුරටත් ලබා දිය යුතු බවත්, ඉදිරි ප්‍රථිකාර සම්බන්ධව 2025.01.15 දින දැනුම් දෙන බව බන්ධනාගාර රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා සදහන් කර ඇත.
ඒ අනුව ආර්.දුමින්ද සිල්වා සිරකරු මේ වන විට බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබමින් සිටි.
ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)