අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය විදුලි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (29) දිනයේ කොළඹට නුදුරු නගර කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. මෙම විදුලි සැපයුම අත්හිටුවීමත් සමඟ ජල පවිත්‍රකරණ ක්‍රියාවලියට බාධා එල්ල වීම මෙම තීරණයට හේතු වී තිබේ.ඒ අනුව, අද පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය 05ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම නතර කෙරේ. මෙලෙස ජල කප්පාදුවට ලක්වන ප්‍රදේශ අතර දෙහිවල, ගල්කිස්ස, රත්මලාන සහ කළුබෝවිල යන ප්‍රධාන නගර මෙන්ම රාවතාවත්ත සහ සොයිසාපුර ඇතුළු මොරටුව අවට ප්‍රදේශ ද වේ.පැය පහක මෙම කෙටි කාලය තුළ ජල පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය අවම කර ගැනීම සඳහා අවශ්‍ය ජලය කලින් රැස් කර තබා ගන්නා ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. නඩත්තු කටයුතු නිම වූ සැණින් යථා පරිදි ජලය සැපයීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් දැනුම් දෙයි.
























