කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෞශල්‍යා ආරියරත්න…

රජය මෙතෙක් ගත් සියලු තීරණ ජනතා විරෝධී තීරණ නෙමේ…
ඒවා එකින් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිමත් තීරණ බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය පවසනවා..

විපක්ෂය හාල්, පොල් ,රිලව්, අල්ලගෙන සටන් පාඨ ගේනවා..
විපක්‍ෂයට පැවැත්මක් නැති බවත් …
මන්ත්‍රීවරුන්ගේ නිවාස වලට කෝටි එකසිය විසි දෙකක් කරපු තක්සේරු වැරදි නම් නිලධාරීන්ට එරෙහිව තීන්දුවක් ගන්නා බවත් මෙහිදී කියා..
…………………………..
“ගැහැණු අපි එක මිටට.”.. කොලොන්නාවේ කාන්තා සභාව අමතමින් මන්ත්‍රීවරිය මේ බව පැවසුවා…
…………………………………
ජනාධිපතිත් පත් කළා තුනෙන් දෙකකුත් දුන්නා..දැන් මොන මගුලක් ඉල්ලනවාද කියලා හිතනවා ඇති…

දැන් අපේ දවස් දිගයි..
අවුරුදු පහේ අපි එනවා..

අපි මැතිවරණ වේදිකාවට ආවට බඩුමලු දෙන්නේ නෑ..

ගැහැණු එක මිටට අපි මහා ගෑනු ව්‍යාපාරය හැදුවා හැදුවා…

අපේ කාන්තා ව්‍යාපාරයේ අනිත් කාන්තා ව්‍යාපාරට වැඩිය වෙනස්..

අපේ විස්සක් පාර්ලිමේන්තු ගියා..වැඩිම චන්ද ලැබුනේ අගමැතිතුමියට..

අපේ කිසිම කෙනෙක් පවුලෙන් දේශපාලනය හුරුම කරගෙන ආපු අය නෙමෙයි…

අපි ප්‍රභූ පවුල් වලින් දේශපාලනයෙන් ආපු අය නෙමෙයි…

අපි මෙතෙක් ගත්ත එකම තීරණය ජනතා විරෝධී නෑ..

අපිට ගහපු සෝසල් මීඩියා මඩ ඉතාම සිල්ලර ඒවා..

මේගොල්ලෝ හදපු අවුල් ජාලා ලියලා ඉන්න ඕනේ..

පාර්ලිමේන්තුවේ තියෙනවා මුදල් කමිටුව..ඒකට ආපු වගකීතු රාජ නිලධාරියෙක් හාල් නිෂ්පාදනය නිෂ්පාදනය ගැන අමු දත්ත ටිකක් කියනවා..ඒවා වැරදියි..

රාජ්‍ය සේවය දුර්වල කරපු තැනක තමයි අපි රට භාරගත්තේ..

කෝටි ගණන් පහුගිය රජයේ වී වී ගන්න වියදම් කරලා තියෙනවා ගබඩා වලට ගියාම වී නෑ..

අපි දැන් ගබඩා යුද හමුදාව දාලා සුද්ද කරනවා.

අපි සතොස විසින් වී මිලදී ගැනීම අද ආරම්භභ කළා..

අපිට වියවුල් වුන වැටිච්ච බංකොලක් දුක්ඛිත රටක්..

  • කිසිම තීරණයක් ජනතා විරෝධී නෑ..
    එකින් එක ක්‍රියාත්මක කරන්න පුළුවන් ශක්තිමත් තීරණ තීරණය…

අපි ග්‍රාමීය ආර්ථිකය අර්ථ නිරූපණය කරන්නේ වෙනත් ක්‍රමයකට ..

ලයිට් බිල සීයට තිහක් අඩුවීමක් social මීඩියා වල වෛරල් උනේ නෑ..
වව්චර දීපු එක,අස්වැසුම දීපු ඒවා වයිරල් උනේ නෑ .

ජනාධිපතිවරයාගේ විදෙස් සංචාර හොඳට සැලසුම් කරලා විදෙස් ආයෝජන ගේන්න යන සංචාර…

විපක්ෂ හාල් ටිකක් ,පොල් ටිකක්, රිලව් ටිකක් අල්ලගෙන සටන් පාට ගේනවා..

අගමැතිතුමිය ලක්ෂ තිහ ලක්ෂ තුන දක්වා අඩු කරලා තෙල් මිල.

ඖෂධ මිල දැන් අඩු වෙලා තියෙනවා..

අරගලේට ආපු අය ගෙවල් ගිනි තිබ්බයි කියලා කෝටි එකසිය විසි දෙකක් අරගෙන තියෙනවා..

ජනෙල් දෙකකට විතර හානි උනහම සල්ලි අරගෙන..

යන වාහනය තුළ ගෞරවය ආරක්ෂා වෙනවා නම් ඒක තමයි හිස්..
අපි හොඳ තීරණ අරගෙන කරන්නේ..

රුපියල් 1200 කෑම එකට පාර්ලිමේන්තුව ගෙවන්න බැහැයි කියන එක බොරුවක් .අපි තමයි කිව්වේ රජයට වටිනාකම ගෙවන්න ඕනේ කියලා..

වැරදි තක්සේරු කරල තියෙනවනම් නිලධාරීන් අපි ඒකට තීන්දුවක් ගන්නවා..

රජයේ නිලධාරියෙක් හිතනවා නම් තමන්ට හොරකම් කරන්න ..
කොන්ද කෙලින් තියාගෙන වැඩ කරනවනම් රාජ්‍ය නිලධාරීන්ටත් අවශ්‍ය ඉදිරි ගමන කැප කිරීම කරන්න පුළුවන්.

ඉක්මනට ගන්න සන්දර්ශනාත්මක තීරණ වලට වැඩි ආයුෂ නෑ.
ශක්තිමත් තීරණ දිගුකාලීන පවතිනවා..

ප්‍රාදේශීය මැතිවරණයට හතු පිපෙන්නා වගේ ස්වාධීන කණ්ඩායම් එයි..

ඒගොල්ලෝ එකට චන්දෙකට එන්නේ නෑ..

ඔය පක්ෂ ගැන කලකිරිච්ච අය ස්වාධීන කණ්ඩායම හදාගෙන එයි..

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *