එහිදී අදහස් දැක්වූ එහි ජාතික සංවිධායක ළහිරු වීරසේකර.
” මේකරුණු සම්බන්ධයි සමස්ත ජනතාවට අයිති ඛනිජ සම්පත් සම්බන්ධයෙන්. අපි දන්නවා මේ කැණීම් බලපත්‍ර නිකුත් කරන්නේ භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්‍යාංශය කියන්නේ. ඔවුන් මේ බලපත්‍ර හරහා විශාල ආදායමක් ලබනවා.
අපිට පාසල්වල උගන්වන්නෙ ඛනිජ කියන්නේ සම්පතක් කියලා. ඒකට හේතුව ඛනිජ කියන්නෙ අවසන්වන දෙයක්. එය පුනර්ජනනීය නෑ. හැබැයි දැන් ඒ ඛනිජ සම්පත ජනතාවට අයිති නොවන දෙයක් කියලා හිතාගෙන තමයි භූ විද්‍යා හා පතල් කර්‍යාංශය කටයුතු කරමින් ඉන්නේ. අපි දන්නවා මේ සියලු ඛනිජ ද්‍රව්‍ය අපිට හම්බ වෙන්නේ පරිසර පද්ධතිය තුලින්. එනිසා මොනයම් හෝ සමාගමකට අදාල ඛනිජ ද්‍රව්‍ය කැණීම් කරද්දි පරිසර තක්සේරුවක් අනිවාර්‍යයි. ඊලඟට ජන ජීවිතයට වන බලපෑම ගැන තක්සේරුවක් අවශ්‍යයි. හැබැයි දැන් බලපත්‍ර නිකුත් කිරීමේදී මේ කාර්‍යයන් විනිවිද භාවයකින් තොරව තමයි කටයුතු කරමින් ඉන්නේ. උසාවියේ නඩු තීන්දුවක් පවා තියනවා මේ ආයතනය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ දොලොස්වෙනි වගන්තියට පටහැනිව බලපත්‍ර නිකුත් කරල කියලා.
දැන් තලෛමන්නාරමේ සහ මන්නාරමේ දැනටත් විශාල භූමි ප්‍රමාණයක් ගවේෂණය සඳහා බලපත්‍ර නිකුත් කරලා තියෙන්නේ. ඊලග කෝකිලායි නිලාවේලි වෙරළ සහ මුහුදු ප්‍රදේශවලත් මේ විදිහටම බලපත්‍ර නිකුත් කරල අවසන්. අපිට ආරංචි විදිහට ත්‍රිකුණාමලේ පරවි දූපතේ කැණීම් බලපත්‍ර නිකුත් කරන්න අවසර දෙන්නත් සූදානමින් ඉන්නවා. ඊලඟට මධ්‍යම පරිසර අධිකාරිය සහ ගමේ මිනිස්සු විරුද්ධ වෙද්දි ගල්බොක්ක යාය කඳු වැටිය ආශ්‍රිතව ගවේෂණය කරන්න මේ වෙද්දිත් ලංවා ආයතනයට අවසර දීලා තියෙන්නේ. දැනටමත් ලංවා එකෙන් ඇවිත් අනවසරෙන් මේ ප්‍රදේශයේ වැඩ පටන් අරගෙන. අපි අහන්නේ උසාවියේ නඩු තීන්දුවක් තියෙද්දි මේ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය වැරදී ඒක නිවැරදි කරන්න කියලා කොහොමද අත්තනෝමතික විදිහට බලපත්‍ර නිකුත් කරන්නේ. අපි දන්නවා ඉතාම වටිනාම ඛනිජ වර්ගයක් වන මොනසයිට් නිධියක් තියනවා කළුතර දිස්ත්‍රික්කේ අලුත්ගම ප්‍රදේශයේ. දැන් මේක දෙන්න යන්නේ හිටපු සභාපති කෙනෙක් වන සෙනරත් කියන පුද්ගලයට අයිති සමාගමකට. ඔහුගේ සමාගම තමයි පහුගිය කාලේ ත්‍රිකුණාමලේ ෂාපි නගර් ආශ්‍රිතව වැලි ජාවරම් කරලා විශාල විනාශයක් කලේ.
දැන් භු විද්‍යා හා පතල් කාර්‍යාංශය කියන්නේ ලංකාවෙ ඛනිජ සම්පත් ටික මංකොල්ලකන්න සමාගම්වලට් අවසර දෙන ආයතනයක් වෙලා. ඊලඟට මුලින් මේ ජාවාරම් අහුවෙලා වැඩ තහනම් වුණ සජ්ජනද සිල්වා කියන දූෂිත නිළධාරියාව හිඟ වැටුප් සහිතව නැවත සේවයේ පිහිටුවලා. මේ වැඩ තහනම් කිරීම ගැන හොඳින්ම දැනගෙන හිටියා වර්තමාන පරිසර නියෝජ්‍ය ඇමති ඇන්ටන් ජයකොඩි.
මේ ඇතැම් සමාගම් පිටිපස්සෙ ඉන්දියාව. රාජපක්ෂලට අයිති සමාගම් පවා මෙ අතර තියනවා. දැන් මේ ආණ්ඩුව අහන්නේ වංචා දූෂණ නැති කරනවා කියලා ආව ආණ්ඩුව කොහොමද සජ්ජනලා වගේ දූෂිත නිළධාරීන් තියාගෙන වැඩ කරන්නේ ? ඊලගට මේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශයේ බලපත්‍ර නිකුත් කිරීමේ දූෂිත ක්‍රියාවලිය නිවැරදි නොකර ඉන්නේ ඇයි ? මෙන්න මේවට ආණ්ඩුව වහාම උත්තර දෙන්න ඕන. භූ විද්‍යා හා පතල් කැණීම් කාර්‍යාංශය පරිසර අමාත්‍යාංශය යටතේ තිබුණට ඒ ආයතනය නටවන්නේ අර කොල්ලකාරී සමාගම්. අදටත් භූ විද්‍යා ආයතනයේ ඉහළ නිලධාරී පැලැන්තිය කියන්නේ කප්පම් ගන්න මේ සමාගම්වල හෙන්චයියෝ. ඒ නිසා අපි ආණ්ඩුට කියනවා වහාම මේ කටයුත්ත නිවැරදි කරන්න මැදිහත් වෙන්න. එහෙම නොවුනොත් ඉදිරියේදි තවත් බරපතළ කරුණු හෙලිදරව් කරන්න අපි සූදානම්. “