මො/පැල්වත්ත නවෝද්‍යා ම වි බාලිකා ක්‍රිකට් කණ්ඩායම් නයිකා චේතනා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තේරි පත්විය
25/2/23 වන දින එක්දින හා විස්සයි 20 තරගාවලියකට එක්විමට නවසිලන්තය බලා පිටත් විය.
මෙම සිසුවිය මො/ පැල්වත්ත විද්‍යාලයේ පලමු ශ්‍රේණියේ සිට 10ශෙු්ණිය දක්වා ඉගෙන ගෙන 11 ශ්‍රේණියට වෙනත් පාසලකට ගියාය.
ඒ එක් අවුරුද්දේ සා පෙල අසමත්ව නිවසේ සිටියදි නැවැත මා විසින් මො/පැල්වත්ත නවෝද්‍යා ම වි දුහලට ඌණ සාමාර්ථ සහිතව බාරගෙන ගණිතය සදහා විශේෂ අතිරේක පංති පාසලේ පවත්වා සා පෙල සමත් කොට ක්‍රිඩාවට යොමු කරමින් මේ පාසලේඑවකට සිටි රත්නපාල සර් ප්‍රියදර්ශන සර් ගේ මග පෙන්විමෙන් ක්‍රිකට් තරගවල කැපිපෙනෙන දක්ෂතා පෙන්නන ලදි.
උසස් පෙල විභාගය පිළිබඳ අවධානය මා විසින් නිතර මතක් කර ඒ සදහා විෂය බාර ගුරුවරු වශයෙන් මහසෙන්ගම නන්දාරාම හිමි(බෞද්ධ ශිෂ්ටාචාරය ) පේමසිරි සර්(සිංහල)
සංඛ ඉදිරිවික්‍රම (දේශපාලනය)ගුරුවරුන්ගේ මග පෙන්විමෙන් උසස් පෙල ද සමත් විය.
අද මේ තත්වයට යෑමට හැකිවිම නිහතමානි සතුටක් අපට ඇත.
ගණිතය අසමත්ව නිවසේ සිටියානම් ඇය අද ජාතික මට්ටමේ නොව ගමේවත් ක්‍රිකට් නොගසනු ඇත.
දියණියනි ඔබට අපේ උණුසුම් සුබ පැතුම්
ජයෙන් ජයම වේවා
වි මු නන්දසේන
විදුහල්පති. මෝ/ පැල්වත්ත නවෝද්‍යා විද්‍යාලයේ.