“ගමට සන්නිවේදනය” වේගවත් වෙයි: 4G ව්‍යාපෘතියට නව ප්‍රතිපාදන සහ සහන!

දිවයින පුරා 4G බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “ගමට සන්නිවේදනය” ජාතික ව්‍යාපෘතිය වේගවත් කිරීම සඳහා නව ප්‍රතිපූරණ මාර්ගෝපදේශ මාලාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. 2004 අංක 11 දරන මුදල් පනත යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) මගින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය යටතේ, ජංගම දුරකථන සේවා සපයන්නන් සමඟ පිරිවැය බෙදා ගැනීමේ පදනම මත දුෂ්කර ප්‍රදේශවල මේ වන විට සන්නිවේදන කුළුණු 83ක් ඉදිකර තිබේ. කෙසේ වෙතත්, ආර්ථික අර්බුදයත් සමඟ මෙහෙයුම් පිරිවැය ඉහළ යාම සහ ඇතැම් කුළුණුවලින් ලැබෙන ආදායම සීමිත වීම හේතුවෙන් මෙහි ප්‍රගතිය මන්දගාමී වී තිබූ අතර, ඊට විසඳුමක් ලෙස එක් කුළුණක් සඳහා උපරිමය රුපියල් මිලියන 35ක් හෝ සැබෑ ඉදිකිරීම් පිරිවැයෙන් 75%ක් යන දෙකෙන් අඩු අගය ප්‍රතිපූරණය කිරීමට නව මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත. ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය හිමිවී තිබේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *