ගම්බිම් බලා යන ජනතාවගෙන් කොළඹ පිරෙයි

අලු‍ත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය යෙදී ඇති ලබන 15 වන සදුදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා. මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සදහා විශේෂ ප්‍රවාහන සැලස්මක් රජය ක්‍රියාත්මක කර තිබෙනවා.

සාමාන්‍ය කාලසටහනට අතිරේකව අමතර බස් රථ ගමන් වාර 700ක් සහ අමතර දුම්රිය ගමන් වාර 12ක් එම සැලස්මට ඇතුළත්.

අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ඊයේ පස්වරුවේ සිට ආරම්භ කළ බවයි නියෝජ්‍ය දුම්රිය සාමනා්‍යාධිකාරි එම්. ජේ. ඉදිපොළගේ සදහන් කළේ.මේ අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඉල්ලුම් කරන පරිදි දුරගමන් සේවා සහ සාමාන්‍ය සේවා සදහා අවශ්‍ය බස් රථ ලබාදීමට සූදානම් බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *