ගම්මන්පිලට පිල්ලෙයාන් හමුවීමට අවසර

රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් හමු වී කතා කිරීමට හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල කළ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු-ව අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

එම අවසරය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උදය ගම්මන්පිලට ලබා දී ඇත්තේ, ඔහු පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥයා බව තහවුරු කිරීමෙන් පසු වයි.

ඒ අනුව, පසුගිය දිනෙක උදය ගම්මන්පිල පිල්ලෙයාන් හමු වී සාකච්ඡා කර තිබෙන බව වාර්තා වේ. මෙම සාකච්ඡාව සිදුව ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්ත-ුවේ නිළධාරීන් ඉදිරියේ ය.

What's your reaction?

Related Posts

1 of 682

Leave A Reply

Your email address will not be published. Required fields are marked *