”ග්‍රාම නිලධාරීන් සම්බන්ධ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ඉදිරිපත් කිරීමට කඩිනම් ක්‍රියාපටිපාටියක්” යන මැයෙන් සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති ලේකම් කාර්යාලය නිල වශයෙන් දැනුම් දෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද්දක් බවට ව්‍යාජ ලෙස හඟවමින් පළ කර ඇති මෙම පුවතෙහි ඇතුළත් ක්ෂණික ඇමතුම් අංක සහ සෘජු දුරකථන අංක ද වංචනික ඒවා බව එම කාර්යාලය පෙන්වා දෙයි.මෙම තොරතුරු අසත්‍ය මෙන්ම මහජනයා නොමග යවන සුළු බැවින්, මෙවැනි තහවුරු නොකළ පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීමෙන් වළකින ලෙස රජයේ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී. තවද, රජයේ ක්‍රියාපටිපාටීන් සම්බන්ධ ඕනෑම කරුණකදී නිල ප්‍රකාශ සහ තහවුරු කරන ලද තොරතුරු මූලාශ්‍ර කෙරෙහි පමණක් විශ්වාසය තැබීමේ වැදගත්කම ජනාධිපති ලේකම් කාර්යාලය වැඩිදුරටත් අවධාරණය කරයි.


























