​ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ බිළිඳු සිරුරක් හමුවේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ පාවෙමින් තිබූ අලුත උපන් බිළිඳෙකුගේ මළ සිරුරක් අද දින සොයාගත් බව නුවරඑළිය පොලිසිය පවසයි. වැවේ බෝට්ටු පදවන්නන් සහ ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් කරන ලද දැනුම් දීමකට අනුව බලධාරීන් සිද්ධිය වූ ස්ථානයට පැමිණ ඇත. නුවරඑළිය දිස්ත්‍රික් මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සහභාගීත්වයෙන් පොලිසිය විසින් සිරුර ගොඩගත් අතර, එම අවස්ථාව වන විටත් බිළිඳාගේ පෙකණි වැලෙහි කොටසක් සිරුරට සම්බන්ධ වී තිබූ බව වාර්තා වේ.​බිළිඳු සිරුර මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යොමු කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු අත්අඩංගුවට ගැනීමක් සිදු කර නොමැත. නුවරඑළිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු මෙහෙයවයි.

What's your reaction?

Related Posts

1 of 998

Leave A Reply

Your email address will not be published. Required fields are marked *