“පසුගිය මාස තුන ඇතුළත පමණක් ගාල්ල බන්ධනාගරය තුළ තිබි ජංගම දුරකථන 546ක් සොයාගෙන”
ගාල්ල බන්ධනාගාරයේ එච් වාට්ටුවේ සිදු කරන ලද සෝදිසියකදි රැදවියන් ලඟ තිබු ජංගම දුරකථන තුනක් චාජර් හතක් බැටරි පහක් ඇතුළු උපාංග රැසක් ඊයේ (1) සවස සොයාගත් බව බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.
බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
මේ අතර ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසුවේ පසුගිය මාස තුන ඇතුළත පමණක් ගාල්ල බන්ධනාගරය තුළ තිබි ජංගම දුරකථන 546ක් සොයාගෙන ඇති බවය.
