2025.01.19 වන දින (අද) පෙ.ව.03.30ට පමණ ගාල්ල බන්ධනාගාරයට පිටතින් ඇති තාප්පයට ඉහලින් යම් පුද්ගලයෙකු විසින් බන්ධනාගාරය තුළට යම් පාර්සලයක් විසි කර ඇත.
ඒ අනුව, එදින බන්ධනාගාරය තුළ රාජකාරියේ යෙදි සිටි බන්ධනාගාර නිළධාරීන් මෙම පාර්සලය අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පාර්සලයේ තිබී,
- දුම්කොල 40
- ජංගම දුරකථන 01
- බැටරි ආරෝපණ 01
- සිම්පත් 01
- බැටරි 01
- ලයිටර් 01
අත්අඩංගුවට ගත් තහනම් ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගාල්ල බන්ධනාගාරය මගින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ගාමිණි බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)