ගාල්ල බන්ධනාගාරය තුළ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජංගම දුරකථන, සිම් පත් සහ මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. පෙබරවාරි 3 වන දින බන්ධනාගාර වාට්ටු හතරක් පරීක්ෂාවට ලක් කිරීමේදී ජංගම දුරකථන 19ක් සහ සිම් පත් 11ක් සොයාගෙන ඇති අතර, එම භාණ්ඩවල අයිතිය සම්බන්ධයෙන් කිසිවකු ඉදිරිපත් වී නොමැති බව නිලධාරීන් ප්‍රකාශ කළේය. මීට අමතරව, හෙරොයින් අඩංගු කුඩා පැකට් 58ක් සහ හෙරොයින් බවට සැක කෙරෙන තවත් එක් පාර්සලයක් ද එහිදී අත්අඩංගුවට ගෙන ඇත. සොයාගත් භාණ්ඩ බන්ධනාගාර අධිකාරීවරයා භාරයට ගෙන ඇති අතර, මත්ද්‍රව්‍ය තොගය ඉදිරි කටයුතු සඳහා ගාල්ල පොලිස් ස්ථානයට භාර දීමට පියවර ගෙන තිබේ. බන්ධනාගාර මූලස්ථානයේ උපදෙස් මත මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.


























