ගාල්ලට රථ ගාලක්

ගාල්ල නගර මධ්‍යයේ දැනට පවතින වාහන නැවත්වීමට ඉඩකඩ නොමැති වීමේ ගැටළුවට පිළියමක් ලෙස තාවකාලික රථ ගාලක් සකස් කිරීම නාගරික සංවර්ධන අධිකාරිය මගින් සිදුකර තිබෙනවා.

ගාල්ල පොලීසිය සහ තැපැල් කාර්යාලය දැනට පවතින අක්කර 4.3ක භූමියෙන් මේ වන විට නාගරික සංවර්ධන අධිකාරියට අයිතිය පවතින අක්කරයක ප්‍රමාණයක් (විද්‍යාලෝක විද්‍යාලය ඉදිරිපිට භූමිය)භාවිත කරමිනුයි මෙම පරිශ්‍රය සකසා ඇත්තේ.

මෙහි වාහන 210ක ප්‍රමාණයක් ඉතා පහසුවෙන් නැවැත්වීමේ පහසුකම් ද පවතින අතර එළඹෙන සතියේ සිට මහජනතාවට මෙම රථ ගාල භාවිත කිරීමට අවස්ථාව හිමිවනවා.

ගාල්ල නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම කටයුතු සිදුවන අතර, වසර ගණනාවක සිට පැවති ගැටළුවක් මින් නිරාකරණය වෙනවා.

ඒ අනුව ඊයේ (07) පෙරවරුවේ වැඩ අවසන් වෙමින් පවතින අදාළ භූමියේ නිරීක්ෂණ චාරිකාවකට නලින් හේවගේ සහෝදරයා එක් වූ අතර ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වී සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *